නිමල් රාජපක්ෂ
වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ ඊයේ (02 සහ අද 03 අළුයම් කාලයේ,සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනෙකු (35) ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු මඟින්, සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, එමඟින් මෙරට සමුද්‍රීය පරිසර පද්ධති සුරැකීම හා දේශීය ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් වූ සාමූහික හා ශක්තිමත් ප්‍රවේශය මෙන්ම, ස්ථිර කැපවීම අවධාරණය කෙරේ.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙත සහ මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
