..
නිමල් රාජපක්ෂ
ඉවතලන බෝතල් මුඩි භාවිතා කරමින් මගී ආසනයක් ලණිය විශ්වවිද්‍යාලීය ZeroPlastic සමාජයේ, Community engagement avenue විසින් සංවිධානය කරනු ලබන Bloom Morph ව්‍යාපෘතිය මඟින් Katana Upcycl ආයතනයේද සහයෝගය ඇතුව නිර්මාණය කර තිබේ
.එසේ නිර්මාණය කළ මගී ආසනය අද (05) මරදාන දුම්රිය ස්ථාන අධිකාරී කපිල පුෂ්පකුමාර මහතාගේ සුරතින් මරදාන දුම්රිය ස්ථානයේ දී මගී ජනතාවගේ භාවිතය උදේසා විවෘත විය.
පරිසර අපවිත්‍ර කරන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමානුකූලව භාවිතා කරමින් ඵලදායී නවෝත්පාදනයක් සිදුකිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ මරදාන දුම්රිය ස්ථානයේද පූර්ණ අධීක්ෂණය සහිතව , මරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් මගී ආසනයක් නිර්මාණය කර ඇත
ශ්‍රී ලංකාව තුළ පවතින පොදු ප්‍රවාහන මාධ්‍ය අතරින් මගීන් විශාල ප්‍රමාණයක් දුම්රිය දෛනිකව භාවිතා කරනු ලබයි. නමුත් දුම්රිය භාවිතා කරන මගීන් අතුරෙන් බහුතරයක් දුම්රිය භාවිතය කරන විට තමන් භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් දුම්රිය මාර්ග වලට සහ දුම්රිය ස්ථාන වල අක්‍රමවත් ලෙස බැහැර කිරීම සුලභව දකින කරුණක් සහ එය විශේෂයෙන් දුම්රිය මාර්ග දෙපස සහ ස්වභාව සෞන්දර්යයෙන් පිරි උඩරට දුම්රිය මාර්ගය වැනි සුන්දර පරිසර පද්ධති වලට හානි ඇතිකරන සිදුවීමක් බවට වර්තමානයේ පත්ව තිබේ. මෙසේ පරිසරයේ සිදුවන හානිය වලක්වාලීමේ ද ප්‍රධාන අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය දියත් කොට තිබේ..
