Spread the love

වර්ෂයක් තුළ යෙදෙන පුර පසළොස්වක පොහොයන් අතරින් අවසාන පොහොය දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (04)ට යෙදී ඇත.

බෞද්ධයින් හට ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොය දිනයක් වන උඳුවප් පොහෝ දිනය බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි, දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මශෝක රජතුමාගෙන් කළ ඉල්ලීම අනුව සංඝමිත්තා තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ අද වැනි දිනෙකයි.

එසේම අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනකු සඟමිත් තෙරණිය වෙතින් පැවිදි බව ලැබීමෙන් මෙරට කාන්තා පැවිද්ද ආරම්භ වූයේද අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

මීට අමතරව බෞද්ධ බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරනු ලබන සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේද උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේම වීම විශේෂත්වයක්.