Spread the love

වවුනියාව තෝනික්කල් ප්‍රදේශයේ නිවසක උපන්දින සාදයක් පැවැති අවස්ථාවේ කිසියම් පිරිසක් නිවසට ගිනි තැබීම නිසා හටගත් ගින්නක් කාන්තාවක් මිය ගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
නිවසේ පැවති උපන්දින සාදයක් අතරතුර ගින්න හට ගෙන තිබෙන බැවින් පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ මෙම නිවසට ගිනි තබා ඇති බවයි. නිවසේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී මුහුණු ආවරණය කරගත් පිරිසක් නිවසට පැමිණ ඇති බවට අනාවරණය කරගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ගින්න හේතුවෙන් මිය ගිය කාන්තාව 21 හැවිරිදි ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. තුවාල ලැබූ නව දෙනා අතර වයස අවුරුදු 2ක කුඩා පිරිමි දරුවකුද සිටින අතර වයස අවුරුදු 7ක සහ 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකුද සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ 119 හදිසි දුරකථන අංකයට ලද කෙටි පණිවිඩයක් මත ක්‍රියාත්මක වූ පොලිසිය වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.