Spread the love

උමාඔයට අදාල තම විරෝධයේ තිබුණේ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නොව ව්‍යාපෘතිය කළ ආකාරය හා ඉන් සිදුවූ පරිසර හානිය ගැන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇත්ත වශයෙන්ම උමා ඔය ව්‍යාපෘතිය නිසා පොළොව ගිලා බැස්ස බවත් ළිං සිදී මිනිස්සුන්ට බොන්න වතුර නැති වූ බවත් පැවසූ ඔහු ඒ නිසාම සහන ලේකම් කාරයාලයක් විවෘත කිරීමට සිදුවූ බවද කියා සිටියේය.

මෙතෙක් ලංකාවේ වෙනත් කිසිදු ව්‍යාපෘතියකට සහන ලේකම් කාරයල පිහිටුව නැතැයිද ඔහු පෙන්වා දෙයි.

නමුත් දැන් එම ව්‍යාපෘතිය විවෘත කිරීම හා පෙර සිදුවීම් පැටලවීම වැරදි සහගත බවත් හෙතෙම තවදුරටත් පැවසීය.