Spread the love

නිමල් රාජපක්ෂ-

සුරාබදු දෙපාර්තුමේත්තුවට බදු නොගෙවමින් කට්ටි පනිමින් සිටි බීඩි කර්මාන්ත කරුවන් 12 දෙනකු කොටුකර එක් දිනකදි පමණක් රුපියල් ලක්ෂ 350 බදු ආදායමක් ලබා ගත් බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි.
බීඩි කර්මාන්ත කරුවන් නොයෙක් ආකාරයෙන් දිස්ත්‍රික් මට්ටමනින් පසුගිය වකවානුවේ දැණුවත් කොට ඹවුන්ගේ කර්මාන්තය ශක්තිමත් පිළිගත හැකි ආකාරයෙන් බලපත්‍රයක් ලබාදීමට සුරාබදු දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබිණ.

එහිදී ඹවුන් සුරාබදු දෙපාර්තුමේන්තුවට වාර්ෂිකව බද්දක් ගෙවීමටද සිදුවෙයි. බදු ගෙව්වාට පාඩුවක් නොවන්නේ ඹවුන්ගේ කර්මාන්ත නිත්‍යානු කූලව පිළිගත් ආකාරයේ කර්මාන්තයක් බවට ඹවුන්ට බලපත්‍රයක් ලැබෙන බැවිණි.එවිට තම නිෂ්පාදන රිසිසේ දිවයින පුරා බෙදා හැරීමටද ,නියමිත මිලක් නියමකිරීමට හැකිවන අතර ඒ සදහා වෙනත් ආයතන වලින් ගැටළු මතු වන්නේ ද නැත.
නමුත් බිඩී කරමාන්ත කරුවන් කොතෙක් දැණුවත් කලද බදු මුදල් ගෙවීම පැහැර හරිමින් කර්මාන්ත කරුවන් බොහෝ දෙනකු සිටියහ

. සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා බදු මුදල් නොගෙවන බීඩි කර්මාන්ත කරුවන් වහාම කොටුකර ගැනීම සදහා එක් දිනකදි තම සුරාබදු නිලධාරී කණ්ඩායම් 12ක් පිටත් කර යැවුහ. එහි ප්‍රථිපලයක් ලෙස එකම දිනකදී දෙපාර්තුමේන්තුවට කට්ටි පනිමින් සිටි බීඩි කර්මාන්ත කරුවන් කොටුකර රුපියල් ලක්ෂ 350 බදු ආදායමක් ලබා ගැනීමට සමත්වු බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු එම්.ජේ .ගුණසිරි මහතා,