Spread the love

මධ්‍යම කදුකරයට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය යළි වාන් දමමින් ඇතිබව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02ක් මේ වනවිට විවෘත්ත කර ඇත.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මේවන විට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර බව කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.
ඉන් තත්ත්පරයට ඝන අඩි 2200ක්  වික්ටෝරියා ජලාශයට සහ තත්ත්පරයට ඝන අඩි 2000ක් බෝවතැන්න ජලාශයට මුදා හැරේ.
මේ වන විට වික්ටෝරියා ජලාශය ද උපරිම ජල මට්ටමේ පවතියි.

අනුරාධපුර පදවිය වැවේ වාන් දැමීම මේවන විට සිදුවන බව අනුරාධපුර කලාපය භාර වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

වැවෙහි වාන් දොරටු දෙක අඟල් දෙක බැගින් විවෘත කර තිබේ.

පදවිය ප්‍රදේශයට නොකඩවා වර්ෂාව පවතින නිසා වාන්දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවනු ඇතිබව එම කාර්යාලය පවසයි.