Spread the love

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට මෙම දිනවල විටින් විට පවතින වැසි හා ඝන මීදුම් තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ 16වන දින සිට මෙම ප්‍රදේශයන්ට විටින් විට තද වැසි හා ඝන මීදුම් තත්වයන් පවතින බවත්ය.

මෙම තත්වයන් මත හැටන් කොළඹ, හැටන් නුවරඑළිය, හැටන් බගවන්තලාව, මස්කෙළිය යන මාර්ග පද්දති වැසි හේතුවෙන් ලිස්සන සුලු තත්වයන්ට පත්ව ඇති අතර විටින් විට පවතින ඝන මීදුම් තත්වයන් මත මාර්ග නොපෙනි යන තත්වයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් මත මෙම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර මෙකි මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

17වන දින සවස් කාලයේ ප්‍රදේශයට පැවති වැසි හා මීදුම් තත්වයන් මෙහි දැක්වේ.