Spread the love

නිමල් රාජපක්ෂ-

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ (Sichuan Province)  චන්ග්ඩු (Chengdu) නගරයේ පැවති ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වූ චීන කවුන්සිලය (CCPIT) සිදුකළ ආරාධනයකට අනුව ශ්‍රි ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිව්දින සංචාරයකට සහභාගී විය

CCPIT සමුළුවෙන් පසුව දකුණු ආසියාව සහ අග්නිදිග ආසියානු ව්‍යාපාර සංවර්ධන සහයෝගීතා සමුළුවට (South Asia & Southeast Asia Business Development Cooperation Conference) සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යාවරයා මූලික වශයෙන් අදහස් දැක්වීමක් එහි දී සිදුකළා. ඉන්පසු ඉහළ මට්ටමේ රාජ්‍ය – ව්‍යවසාය සංවාද සමුළුවක් වන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ ගැලපුම් සමුළුවට (Sri Lanka Economic and Trade Matchmaking Conference) සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ලංකාව වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

මෙම සංචාරයේ දෙවැනි දිනයේදී සිචුවාන් ප්‍රාන්තයේ නන්චොං (Nanchong) නාගරික රජය සමඟ සැසියක් පැවති අතර එහිදී සමාරම්භක කථාව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළහ.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතන, චීනයේ අදාළ ප්‍රාන්තයේ නිෂ්පාදන ආයතන සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සහ ශ්‍රී ලංකා භාණ්ඩ එම ප්‍රාන්තයට අපනයනය කිරීමට සුදුසු ක්‍රමවේදයන් සොයා බැලීමයි. එසේම ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වූ චීන කවුන්සිලය සහ කර්මාන්ත අමාත්‍යාංශය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ද මෙහි ප්‍රධාන අරමුණ විය.