සහ විධි වාර්තාවෙන් ඉදිරිපත් කළා ආහාර මිල ගණන් පාලනය නොකිරීම නිසා ඇති වී තිබෙන තත්ත්වය ඒ නිසාම අපි ඒකට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය කිසියම් දුරකට අපට පාලනයක් ඒ සම්බන්ධයෙන් ඇති කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නමුත් ඒ පාලනය ඉදිරි කාලයේ දී ඇතිකර ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ රටේ වෙළඳපොලේ විවෘත භාවයක්, වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය මිනිස්සු දැනගන්න අවශ්‍යයි ඒ කාරණා මොනවද කියලා. උදාහරණයක් හැටියට රටට ඖෂධ ගෙන්වන්නේ කීයටද කියලා මිනිස්සු දැනගන්න අවශ්‍යයි. තමන් ඖෂධයක් මිලදී ගන්න යනකොට. තමන් පෙට්‍රල් ලීටරයක් ගහන්න යන කොට පෙට්‍රල් කීයටද ගෙනාවේ කියලා දැනගන්න අවශ්‍යයි. තමන් ගෙවනකොට. මේකේ හැටියට ගල් අඟුරු මිල ඉතා සීඝ්රයෙන් අඩු වෙලා තියෙනවා. ගල් අඟුරු ටොන් එකක් කීයද? කිලෝවක් කීයද? විදුලි ඒකකයක් කීයද? කියන එක දැනගන්න අවශ්‍යයි. ආහාර ගන්නකොට අර්තාපල් කීයටද ගෙනාවේ? කීයටද ගත්තේ? ලොකු ළූණු කීයටද ගෙනාවේ? කීයටද විකුණන්නේ? මේ පිළිබඳ දැනුවත්භාවයක් අවශ්‍යයි. ඉතින් කණගාටුවට කාරණේ, වසර 15 ක පමණ කාලයක සිට මේ ක්ෂේත්රවල ඩිජිටල්කරණය වෙනුවෙන් විශාල උනන්දුවක් විශාල වැඩපිළිවෙළක් තිබුණත් තාමත් ලංකාවේ ඉන්නේ අවුරුදු 15 ක් පිටිපස්සේ. අපේ අල්ලපු රට වෙච්චි ඉන්දියාව අපේ අල්ලපු රටවල් වෙච්ච බංගලිදේශේ, අපේ අල්ලපු රටවල් වෙච්ච පාකිස්තානේ, මේ හැමතැනම ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ රටවල් අපට වඩා සාක්ෂරතාවයෙන් අඩුයි. එනම් නූගත් අපට වඩා ඒක පුද්ගල ආදායම අඩුයි. එනම් දුප්පත්. අපි තරම් හොඳ සම්බන්ධිතභාවයක් නෑ. නමුත්, මේ සියලු ක්ෂේත්රවල ඒ අය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන යනවා. ඒ නිසා කවර ආණ්ඩුවක් ඉදිරි කාලයේ මේ ජනාධිපතිවරණයක් එනවා ඒ ජනාධිපතිවරණය කවර ආණ්ඩුවක් ආවත් මේ රටේ ඩිජිටල් යටිතල පහසුකම නැංවීම ප්‍රමුඛතම අරමුණ විය යුතුයි. මේ රටේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරලා තියෙන්නේ වරායවල් කීයක් හදලා තියෙනවද? අධිවේගී මාර්ග කීයක් හදලා තියෙනවද? විදුලි බලාගාර කීයක් හදලා තියනවද ගුවන්තොටුපොළවල් කීයක් හදලා තියෙනවද? කියන ඩිජිටල් යටිතල පහසුකම සෑම රාජ්‍ය ආයතනයක්ම සම්බන්ධීකරණය කරගෙන ගොඩනගා ගැනීම අපි කියනවා ඒකට Public Digital Infrastructure (PDI) මේක අද මේ රටේ අත්‍යවශ්‍ය දෙයක්.
මේක අද මේ රටේ තියෙනවා නම්, ග්‍රාමසේවක සහතිකයක් ගන්න ගියත්, උප්පැන්න සහතිකයක්, මරණ සහතිකයක්, පාස්පෝට් එක, ඒ වගේම හැඳුනුම්පත, එහෙම නැත්නම් ඊට ඔබ්බෙන් ගිහිල්ලා අපගේ ඉඩම් අයිතිය පිළිබඳව, නිවාස අයිතිය පිළිබඳව දඩ මුදල් ගෙවීම, ආදායම් බදු ගෙවීම, ආදායම් වියදම්, මේ සියල්ල මේ වේදිකාවක් මත කරන්න පුළුවන් නම්, මේ රටේ, මේ පාන් පිටි වලට, කිරිපිටි වලට, සීනි වලට, භූමිතෙල් වලට, පෙට්රල්වලට, ඩීසල් වලට බදු ගහන් නැතුව මේ රටේ බදු ආදායම පහසුවෙන්ම ට්‍රිලියන පහේ සීමාවට ගෙනියන්න පුළුවන්. අද ආණ්ඩුව නොයෙක් බදු යෝජනා කළා. ඒවා ක්‍රියාත්මක කළා. ක්‍රියාත්මක කරලා දැන් අවසාන වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදු දෙකයි. එකක් මේ වත්කම් බද්ද, අනිත් එක තමයි බූදල් බද්ද, මේ දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ විසි පහට. නමුත් අපි යෝජනා කරන්නේ මේ රට කෙටි කාලයක් ඇතුළත, මාස හයක් වගේ ඇතුලත අපගේ මේ ඩිජිටල් යටිතල පහසුකම අපි හරියට, ඒකේ අවශ්‍ය කරන සෑම ආයතනයක්ම, සෑම තැනක්ම ඒකට මේ වෙනකොට සූදානම් වෙලා තියෙන්නේ. ඒකාබද්ධ මාස හයක් ඇතුළත රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙනවා. රාජ්‍යයේ දූෂණය අවම වෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය ආදායම් පහසුවෙන්ම දෙගුණ කරගැනීමේ හැකියාව තියෙනවා.
