නිමල් රාජපක්ෂ
මේ රටේ පොදු මහජනතාව 76 වසරක් ගමන් කළ මාර්ගය පැත්තක තියල හරියටම මීට දින 364 කට කලින් එනම් 2024 සැප්තැම්බර් මාසෙ 21 නව නායකත්වයක් පත්කර ගත් බවත්, ජනාධිපතිතුමාගේ ජනතාවාදී ගමන් මාර්ගය තුළ රටට අලුත් ආර්ථික, සමාජයීය, දේශපාලන පරිවර්තනයක් ගතවූ වසර තුළ නිර්මාණය වූ බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කලේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වස්නාගල – පල්ලන්ඔය අබලන්, පැරණි පාළම වෙනුවට නව පාළමක් ඉදිකිරීම සඳහා එහි වැඩ ඇරඹුම් අවස්ථාවට අද (.20) දින එක්වෙමිනි.
මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලට මායිම්ව පල්ලන්ඔය – ඉඟිනියාගල මාර්ගයේ පිහිටි මෙම පැරණි, අබලන් යකඩ පාලම දිගු කලෙක පටන් අනාරක්ෂිත තත්ත්වයේ පැවතිණි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් පාලමේ ඉදිකිරීම් සිදු කෙරේ. නව පාළමේ දිග මීටර් 27 ක් වන අතර, පළල මීටර් 10 කි. වැයවන මුදල රුපියල් මිලියන 129 කි. මාස 15 ක කාළයක් තුළ පාළමේ ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම් කර ඇති අතර, ඒ අනුව 2026 වසරේ දෙසැම්බර් මාසයට පෙර ජනතාවගේ ගමනා ගමන කටයුතු සඳහා යොදාගත හැකිවනු ඇත.
