Spread the love

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

සමහර මන්ත්‍රිවරු දැන් කියනවා අපි මාසයකට ලක්ෂ 10 -15 හම්බ කරපු මිනිස්සු. වසන්ත ඇමතිතුමා පරම්පරාගත සල්ලිකාරයෙක් යනාදී කතා. නමුත් මේ කිසිවෙක් ආදායම් බදු ගොනු විවෘත කරලා නෑ. ඒ කියන්නේ ආදායම් බදු ගෙවලා නෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී නඩු වැටෙන්න පුළුවන්.

වසන්ත ඇමතිතුමාට තමන්ගේ ගම්බාර සීයාගෙන් ලැබුණු වත්කම් තමයි මේ තිබෙන්නේ කියලා අපි පිලිගනිමුකෝ. එහෙම නම් වත්කම් ප්‍රකාශනයේ තිබෙන ක්‍රිප්ටෝ කරන්සි තොගයත් සීයාගේ බූදලයේ තිබෙන්න ඕනි. දැනට ක්‍රිප්ටෝ කරන්සිවල නිර්මාතෘ ලෙස සලකන්නේ 2009 දී බිට් කොයින් සොයා ගත් සතොෂි නකමොටො. නමුත් වහාම ඒ නම වෙනුවට වසන්ත ඇමතිතුමාගේ සීයා වන හේරත් මුදියන්සේගේ නම යොදන්න ඕනි. ලෝක ඉතිහාසය වෙනස් කරපු මෙවැනි ශ්‍රී ලාංකිකයෙකු අපට මග හැරුනේ කොහොමද කියන එක දැවෙන ප්‍රශ්නයක්.