Spread the love

නිමල් රාජපක්ෂ-

කිලිනොච්චියේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනකුගේ නැතිවු දුරකථනය මාතර සිටි පැමිණි ගැබිණි කාන්තාවකගෙන් හමුවු පුවතක් කොටුව දුම්රිය ආරක්ෂක සේවයෙන් වාර්තාව වෙයි.
කොටුව දුම්රිය ස්ථානයේ කාන්තා විවේකාගාරය ඉතා අංග සම්පුර්ණය සකසා තිබෙන්නේ දුම්රිය මගීන්ගේ සනීපාරක්ෂක කටයුතු සදහායි. නමුත් මෙවැනි ස්ථානවල සොරුන් සහ ගැට කපන්නන් ගැවසීම නිසා මගීන් දැඩි අපහසුතාවයන්ට පත්වන අවස්ථා බොහෝයි.
එවැනි සිද්ධියක් පෙරේදා (15) කොටුව දුම්රිය ආරක්ෂක සේවාවෙන් වාර්තාවුයේ මෙසේයි.
කිලිනොච්චියේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනකු කොටුව කාන්තා විවේකාගාර්යේ සිය ජංගම දුරකථනය චාජ් කිරිමට ගසා තම අවශ්‍යතාවයක් ඉටු කරගැනීම සදහා වැසිකිලියට ගොස් විනාඩි කිහිපයකින් පැමිණ බලද්දී ෆෝන් චාජරය තිබෙන අතර ජංගම දුරකථනය අස්ථාන වී ඇති බව පෙනීගොස් තිබේ.
මොවුන් වැසිකිලියට යන අවස්ථාව වනවිට කාන්තා විවේකාගාරයේ ගැබිණි කාන්තාවක් පමණක් සිට ඇති බවත් ඒ මොහොත වනවිට ගැබිණි කතත් ජංගම දුරකථනයක් නොමැති බව වැටහි තිබිණ.
අදාල ගැබිණි කාන්තාව කෙරෙහි සැක සිතා කොටුව දුම්රිය ස්ථානය පීරද්දී පස්වන වේදිකාවේ වාඩි වී සිටියදී ගැබිණි කාන්තාව සොයා ගෙන තිබේ. එහිදී තම ජංගම දුරකථනය සොරා ගත් බවට ප්‍රකාශ කලද ගැබිණි කාන්තාව තමන් නොගත් බව පවසා දෙපිරිස අතර වචන හුවමාරුවී විශාල ගාල ගෝට්ටියක් බවට පත්වී තිබේ.
ඒ මොහොතේ රාජකාරියේ යෙදී සිටි දුම්රිය කාන්තා ආරක්ෂක නිලධාරීනියන් දෙදෙනකු හා ආරක්ෂක නිලධාරියකු පැමිණ සිද්ධිය විමසා තිබේ.
එහිදි කිලිනොච්චියේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනා තම ජංගම දුරකථනය මෙම කාන්තාව සොරා ගත් බවට ප්‍රකාශ කර තිබේ. ගැබිණි කාන්තාව කෙරෙහි සැකසිතු
කාන්තා ආරක්ෂක නිලධාරිනියන් ඇය සැබැවින්ම ගැබිණි කතන් ද යන්න පිළිබද පරික්ෂා කිරිමේදී සොරාගත් ජංගම දුරකථනය සොයා ගැනීමට හැකිවී තිබේ . ජංගම දුරකථනයේ කවරය අදාල කුණු බක්කියටකට විසිකර තිබියදී සොයා ගත් අතර එහි තිබු මුදල්ද අදාල ගැබිණි කාන්තාව ළග තිබී හමුවු බව කොටුව දුම්රිය ආරක්ෂක කාන්තා නිලධාරී ස්වර්ණා ගීකියනගේ මහත්මිය පැවසුවාය.
පසුව කිලිනොච්චියේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනාට සිය ජංගම දුරකථනය හා මුදල් ලබා දීමට දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වී ඇත.
ගැබිණි කාන්තාවට දැඩි සේ අවවාද කොට මුදා හැරීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් පියවර ගෙත තිබේ.
කොටුව දුම්රිය ආරක්ෂ සේවයේ සැරයන් අමරසුරිය , කාන්තා ආරක්ෂිකා ස්වර්ණා ගීකියනගේ , සුමුදු වේරගොඩ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.