තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබගනිමින් ගමන් කරමින් සිටි කාන්තාවක් සතු ජංගම දුරකථනය උදුරාගෙන පලාගිය සකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් සමත් වි ඇත.
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හැටන් දුම්රිය ස්ථානයෙන් කොළඹ දක්වා ගමන් කිරිමට දුම්රිය ස්ථානයට පැමිණෙන අවස්තාවේ ඇය දුරකථන ඇමතුමක් ලබාගනිමින් ගමන් කරන අවස්තාවේ හැටන් දුම්රිය ස්ථාන පාලම මතයි එකවරම ඉදිරියට පැමිණි තරුණයෙක් තමන් ඇමතුමක් ලබාගනිමින් සිටි දුරකථනය උදුරාගෙන දිවගිය බවට එම කාන්තාව විසින් හැටන් පොලිසිය පැමිණිල්ලක් කර ඇත.
සැකකාර තරුණයා පලා ගිය මාර්ගය අභියස සවි කර ඇති ආරක්ෂිත කැමරා පරික්ෂා කල හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් හැටන් ප්‍රදේශයේ හින්දු කොවිලක සවි කර තිබු ආරක්ෂිත කැමරා පද්ධතියේ එම සැකකාර තරුණයා පල යන අයුරු පැහැදිලිව සටහන් වි තිබු නිසා එම තරුණයා හදුනාගැනිමට හින්දු කොවිලේ පුජකවරයා සමත් වි ඇත.
