Spread the love

කැලණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම මේ වන විට බැම්මේ (Bund) ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) පවසයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ, අනතුරු ඇඟවීම් පිළිබඳව ඒ ආශ්‍රිත ජනතාව දැඩි විමසිලිමත්ව සිටින ලෙසයි.

එමෙන්ම, මෙම ප්‍රදේශයේ දර්ශන නැරඹීමට හෝ අනවශ්‍ය ලෙස රැඳී සිටීමෙන් වළකින ලෙසත් ඔහු දැඩි ලෙස අවධාරණය කර සිටි.