Spread the love

නිමල් රාජපක්ෂ

සුරාබදු දෙපාර්තුමේන්තුවේ ආදායම අඩුවීම පිළිබදව පාර්ලිමේන්තුවේ ක්‍රමසහ විධි පිළිබද කාරක සභාවේ අනුදැනුම් ඇතිව කැළණිය විශ්වවිද්‍යාලය හා සම්බන්දවී විශේෂ සමීක්ෂණයක් දිපව්‍යාපත්ව පවත්වන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිිංහ මහතා පවසයි.

එම සමික්ෂණය දීප ව්‍යාප්තව පැවැත්වීමෙන් නිශ්චිත වශයෙන් ම සුරාබදු ආදායම මේ අයුුරින් අඩුවිම පිලිබදව සැකහැර දැනගන්නට හැකිවෙයි. පර්යේෂණයේ ප්‍රථිපල ලැබෙන තෙක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාරත්මේන්තුව නිලවශයෙන් දරන මතය වන්නේ බොහෝ විට මත්පැන් මත පනවන ලද බදු මුදල් හේතුකොට ගෙනවත්, ඒ වගේම මත්පැන් නිෂ්පාදනයේදි දරන්නාවු නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් නිසා මත්පැන් නිෂ්පාදකයන් විටින් විට තුන්වතාවක් මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් සුපිරි වෙළද සල් ඇතුළුව මත්පැන් අලෙවි සැල් වෙත පාරිභෝගිකයින් ඇදීයාම විශාල වශයෙන් පහළ ගොස් ඇති බවත් එම පාර්ශවයන් දෙපාර්තුමේන්තුව වෙත වාර්තාකොට ඇත.

තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය භාවිතයට කිසියම් ප්‍රමාණයකින් ඇදීයාම ටත් පසුගිය කාලසීමාව තුළ සනිටුහන් කොට තිබිණ. මත්පැන් මිල ඉහලයාම හේතුවෙන්ද ශ්‍රීලංකාව තුළ නීත්‍යානුකූල මත්පැන් ඉල්ලුම කිසියම් ආකාරයකින් පහත බැස ඇති බවත් එම මත්පැන් නිපදවිම මත අයකරන සුරාබද්දත් කිසියම් ආකාරයකින් පහත බැස ඇති බව දැනට නිරීක්ෂණය කොට ඇත. කැළණිය විශ්වවිද්‍යාලය සිදු කරනු ලබන සමීක්ෂණය යත් සමගින් ඉදිරියේදී මෙම ප්‍රශ්නයේ සැබෑ තත්ත්වය ජනතාවට සන්නිවේදය කිරීමට හැකි බවද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න