දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී ඊයේ අලුයම පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවු අනතුරින් 34 දෙනෙකු තුවාල ලැබු අතර ඹවුන් කුරුනෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලු කලද එයින් සිවි දෙනෙකු මියගොස් ඇති අතර තවත් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.
මේ අතර අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු ඊයේ දින කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රිය අනතුර සිදුව තිබුණේ කුරුණෑගල නගරයට කිලෝමීටර 6ක් පමණ එපිටින් පිහිටි දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදීය.
මාර්ග අංක 48 යටතේ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී තිබුණි.
එම බස් රථය මාදුරුඔය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුවූ බව පොලීසිය පැවසීය.
මගීන් නංවා ගනිමින් තිබූ බස් රථය, අනෙක් බස් රථය ගැටීමේදී ඒ අසල ගෙවත්තකට ඇදී ගොස් එහි ගසක වැදී තිබුණි.
කඩිනමින් ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් වහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණ.
