Spread the love

කුසගින්නේ හඬන තම දරුවන්ට ආහාර ලෙස දීමට ගස්ලබු ගෙඩි තුනක් අන්සතු ඉඩමකින් සොරා ගත් පුද්ගලයෙකුට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 50,000ක දඩ හා ශරීර ඇපයක් මත නිදහස් කර තිබේ.

එළැඹෙන නොවැම්බර 27 දා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

දින ගණනක් තිස්සේ තම දරුවන්ට නිසි ලෙස ආහාරයක් ලබාදීමට බැරිවූ නිසා තමන් මෙසේ කල බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මගින් අධිකරණය හමුවේ සඳහන් කළේය.

හක්මන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුට ගෙන අධිකරණය ඉදිරිපත් කර තිබින.