කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට සම්බන්ධ 28 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (23) දහවල් කාලයේදී මෝදර, මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතොරොම් ලබා දී ඇති බවටත් අනාවරණය වි ඇත.
ඉදිරි විමර්ශන සඳහා සැකකරු කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
