නිමල් රාජපක්ෂ
කොළඹ කොටුව පලමු හරස් වීදියේ තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලක පිහිටි වෙළඳසැලක අද ( 20) සන්ධ්‍යා කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩැපැවැත්වීම සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, පිටකොටුව පලමු හරස් වීදියේ වෙළඳසැලක ගින්නක් හටගෙන ඇති බවත්, එම ගින්න මැඩපවත්වා පාලනය කිරීම සඳහා නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙස, බටහිර නාවික විධාන මෙහෙයුම් මැදිරිය වෙත ලද පණිවිඩයකට අනුව වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව, එම විධානයට අයත් ගිනි නිවීමේ කණ්ඩායම් ගිනි නිවීමේ රථ සමඟ ජල බවුසර් රථ දෙකක් (02) වහාම එම ස්ථානයට යොමු කෙරිණි.
නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම අනෙකුත් ගිණි නිවීමේ කණ්ඩායම් හා එක්ව මේ වන විටත් ගින්න පාලනය සඳහා අවශ්‍ය දායකත්වය ලබාදෙමින් සිටියි.
