කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ මේ වනවිට දන් සැල් 200ක් පමණ ලියාපදිංචි කර ඇතිබව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දීපිකා රත්නවර්ධන මහත්මිය පැවසූවාය.
ඒ අතරට බත් දන් සැල් 58ක් ඇතුළු වෙයි.
වෙසක් පොහෝ දිනයේ සිට සියලු දන් සැල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවන බව වැඩිදුරටත් පැවසුවාය.
