Spread the love

නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු අද (28) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංච් 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද උදෑසන 08.35ට ඩුබායි සිට ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු 08ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 83,600ක් අඩංගු දුම්වැටි කාටූන් 418ක් සඟවා ගෙන තිබී, රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.