නිමල් රාජපක්ෂ
ගණේමුල්ල ධර්මශ්රී වර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ කඨින මහා චීවර පුජාව හෙටින් (28) ආරම්භ කෙරේ.්
කඨින පිංකම සදහා දායකත්වය ගණේමුල්ල කළුවලපාර නුගහේන මාවතේ එල්.ඒ ලැන්ටි සිල්වා මහතා සහ රෝහිණි සිල්වා මහත්මිය ඇතුළු පවුලේසැම දරණු ඇත.
28 වැනිදායින් ආරම්භ කෙරෙණ කඨින පිංකම 30 වැනි දක්වා පවත්වා මේ මස 31 වැනිදින අළුයම කඨින චීවරය රැගත් පෙරහර විහාරස්ථානයට පැමිණ විනයකර්ම කටයුතු සිදු කෙරේ.
එදිනම කඨින පිංකමේ භාරකාර පිංවතුන්ගේ දායකත්වයෙන් බෝමළුව වටා ඉදිකරන ලද රන්වැට සුභ මොහොතින් නිරාවරණය කිරීම,දහවල ස්වාමින්වහන්සේලා 60 කමකට සාංගික දානය පිරිනැමීමට නියමිතය.
එදින සවස 6.00 සිට 7.00 දක්වා මල් පුජාව පවත්වා ,එදින රාත්රී 7.00 සිට කඨින චීවරය පිළිගත් ස්වාමීන්වහන්සේලා කඨීනානිසංස ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ධර්මශ්රි වර්ධානාරාම විහාරාධිපති වෑදන්ඩේ ජිනරථන හිමියෝ පැවසුහ.
