නිමල් රාජපක්ෂ
සුරාබදු කොමසාරිස් ජෙනරාල් විශේෂ ග්‍රහන සතියක් ප්‍රකාශයට පත්කර තිබු බැවින් කඩවත, වේයන්ගොඩ , අලවල , යක්කල මොරැන්න , හුරීකොටුව , මහර නුගෝගොඩ , කිරිකිත්ත මුල්ල , ඌරුවල නැදුන්ගමුය යන ප්‍රදේශවල දියත්කල සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර හා මත්පැන ජාවාරම් කරුවන් 13 දෙනෙකු කොටු කර ගැනීමට ගම්පහ සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
මෙම සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන නිෂ්පාදනාගාර 6 ක් , මත්පැන් ලඟ තබාගෙන සිටි සැකකරුවන් 7 දෙනෙකු කොටු කර ගත් බව ගමපහ සුරාබදු ස්ථානාධිපතිවරයා පැවසුවේය.
සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් පසුගිය මස 23 වැනි දින සිට 31 වැනිදින දක්වා ග්‍රහන සතිය ක්‍රියාවට නැංවු අතර මෙහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් තිදෙනකු ගමපහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රුපියල් 55000/ දඩ මුදලක් අයකර ගැනීමට සමත්විය .
ඉතිරි සැකකරුවන් සුරාබදු ඇප මත මුදාහැර ඇති අතර ඉදිරියේදි අත්තනගල්ල හා මහර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
විඩියෝව නරඹන්න
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, බස්නාහිර පලාත් (111) සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, ගම්පහ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක සාගර සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ සුරාබදු පරීක්ෂකවරුන් වන එස්. ජී. පී. නිශාන්ත, එම්. එල්. ආර්. ජේ. ප්‍රනාන්දු, සුරාබදු සැරයන්වරුන්වන 675 එස්.එස්.බී.ඩී.එච්.ජේ. ජයවර්ධන, 896 එම්.ඒ.ඒ සිල්වා, සුරාබදු කෝප්‍රල්වරුන් වන 961 එච්. ඩී. සී. රංගජීව, 1106 ඩී. කේ. ජී. සී. එන්. ජයතිලක, 1170 ආර්. ඒ. එල්. එච්. රූපසිංහ, සුරාබදු නියාමක 1173 ඒ. එස්. වීරකෝන්, සුරාබදු රියදුරුවරුන් වන කරුණාරත්න සහ එන්.එල්.ආර්.කේ. අභයතුංග යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.
