Spread the love

ලිදුල පොලිස් වසමේ බඹරකැලේ වතුයායට අයත් ලොකු රහන්වත්තේ වතු නිවාස පේලියක (04) දින හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියේ පිහිටි නිවාස තුනක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

එක් නිවසකින් හටගෙන ඇති ගින්න නිවාස තුනක් කරා පැතිර ගොස් ඇති බව පොලිසිය පැවසිය.

එම වතු නිවාස පේලිය නිවාස 10 කින් පමණ සමන්විත වන අතර , පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් සහ ලිදුල පොලිසියේ නිලධාරින් එක්ව පාලනය කල නිසා සෙසු නිවාසවලට ගින්න පැතිරිම පාලනය කිරිමට හැකි වු බව ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

ගින්නෙන් වතු කම්කරු පවුල් තුනකට අයත් සමාජිකයන් 12 දෙනෙකුගේ පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බවත්, අවතැන් වුවන් එම වතු යායේම ආරක්ෂිත ස්ථානයක් කරා වතු පාලන අධිකාරිය විසින් යොමු කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකරන බවත්, ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව ලිදුල පොලිසිය පැවසිය.