ඊයේ රාත්රියේ අටට පමණ අහුන්ගල්ල ප්රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහුට මෙම වෙඩි ප්රහාරය එල්කර ඇත්තේ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණයි.
අහුන්ගල්ල බෝගහපිටිය ප්රදේශයේදී සිය නිවසේ සිටීදී එල්වූ මෙම ප්රහාරයෙන් බරපතල තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසු මෙම පුද්ගලයා මියගොස් ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
