නිමල් රාජපක්ෂ-
මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කිරීමට නියමිත අතර එම වී වගා කරන සියලුම ගොවීන්ට මෙම මුල්‍යමය සහනාධාරය ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 12කි. ඉන්පළමු වාරිකය වශයෙන් රුපියල් මිලියන 1000ක මුදලක් ලබා දී ඇති අතර රජයේ මුදල් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙන්ම වී වගා කටයුතු ආරම්භ කෙරෙන ආකාරය සැළකිල්ලට ගනිමින් අදාල මුල්‍ය ප්‍රතිපාදන ගිණුම් ගත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙවර මහ කන්නයේ දී වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජය හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් මුල්‍ය සහනාධාරයක් සියලුම ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඊට අදාලව ගොවි ගිණුම්ගත කෙරෙන මුදලින් පළමු රුපියල් බිලියනයක මුදල කෘෂිකර්ම අමාත්‍යාංශයට මුදල් අමාත්‍යාංශය ලබා දී ඇති අතර එම මුදල් ගොවි ගිණුම්ගත කිරීම සඳහා දිස්ත්‍රික් කාර්යාලවල ගිණුම්වලට බැර කිරීම අද දින (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම මුදල් හෙට සිටම ගොවී ගිණුම්වලින් ලබා ගත හැකියැයි නොසිතිය යුතුයි. මක්නිසාද යත් කුඹුරු වගා කිරීමේදී මෙම මුදල් හිමිවන්නේ වගා කරන පුද්ගලයාටයි. සමහර කුඹුරු අයිතිය ඇති කෙනා නොවෙයි වගා කරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධවත් අපි අවධානය යොමු කරනවා. වගා කරන පුද්ගලයාටම අදාල මුදල් ලබා දීමට අපි පියවර ගන්නවා. ඒ සඳහා නාම ලේඛන නැවත සොයා බැලිය යුතුයි. කුඹුරු වගා කරන අය සෑම වගා කන්නයකදීම වෙනස් වන තත්ත්වයකුත් තිබෙනවා.
ඒ වගේම රජයේ මුදල් තත්ත්වයත් සැළකිල්ලට ගත යුතුයි. රුපියල් බිලියන 12කින් පළමු රුපියල් බිලියනය තමයි අද අපි බෙදා දෙන්නේ. මුදල් අමාත්‍යාංශය විසින් ඉතිරි මුදල් ලබා දෙන ආකාරය අනුවයි අපි මුදල් ගිණුම් ගත කරන්නේ. නමුත් වී වගා කරන හැම ගොවියෙකුටම අපි මෙම සහන මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලබා දෙනවා.
