Spread the love

තම ව්‍යාපාරික ස්ථානයේ සිට නිවස බලා එමින් සිටියදී පසුගියදා සිය මෝටර් රථය තුළදී සාහසික ලෙස වෙඩිතබා ඝාතනය කෙරුණු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ මාමණ්ඩිය වූ ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාගේ දේහයට පෙරේදා (25දා) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වූ අයුරු.

ගාල්ලේ වුඩ්වඩ් මාවතේ දේහය තැන්පත් කොට ඇති නිවසට ගිය හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරයා හා ඒමහතාගේ පියාණන් වන දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය ඩී.වී. උපුල් මහතා ඇතුළු පවුලේ සියලු‍දෙනා වෙත තම ශෝකය පළ කළේය.