Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව ඔහු කියුබාවේ හවානා නුවර ලබන 15 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන G77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 9 සිට 21 වනදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.