ජනාධිපති අනුර කුමාර දිසානායක හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (11) පවත්වා ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම හමුව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරඇත.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

