Spread the love

රට ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

රටට ආයෝජකයි ගෙන ඒමේ ශක්තිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කල යුතුය.

ඒ සඳහා අවශ්‍ය පසුබිම වහා සකස් කල යුතුය.

විවස්ථා සංශෝධනය සහ මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව වත්මන් රජය කතා කරමින් සිටීයි.

එලෙස මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම කිසිදු ගැටලුවක් නොමැති බව පැවසීය.

එය රටේ ඉදිරි කටයුතු සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ.