නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
දැනට සිටින අපේක්ෂකයින් අතරින් සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත් සිය ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
නාමල් රාජපක්ෂට ජනාධිපති ධූරය සඳහා තවත් කාලය ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවත් එවැනි අද්දැකීම් බහුල නායකයෙක් පවසන දේ සියලු දෙනා පිළිගත යුතුව ඇති බවද ඔහු සඳහන් කළේය.
ඔහු හදිසියේවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පක්ෂය දෙකඩ වනු ඇති බවත් පක්ෂයේ ජාතික සංවිධායකරයා ලෙස එවැනි තීරණයක් නාමල් රාජපක්ෂ ගනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
