ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී යම් ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
විදුලි ජනනය සඳහා භාවිතා කෙරෙන නැප්තා සහ ගල්අඟුරු බද්දෙන් නිදහස් නිසා විදුලි බල ක්ෂේත්‍රයට වැට් බද්ද අදාල නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

