Spread the love

ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදින අපේක්‍ෂකයකු හදිසි හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ 78 හැවිරිදි මොහොමඩ් ඉල්ලෙයාස් නැමති පුත්තලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඔහු බණ්ඩාරනායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇත.