ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත.
2015 වර්ෂයේ සිට 2020 දක්වා වූ කාලය තුළ එලෙස මිලදී ගෙන ඇති කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු එම උපකරණ 3406ක් මෙලෙස අස්ථානගතව තිබේ.
ජනාධිපති කාර්යාලයේ ගබඩා කළමනාකරණ පද්ධතිය හරහා 2014 වසරේ සිට 2020 ජනවාරි දක්වා රුපියල් 162, 273,185.00ක් වටිනා අයිතම නිකුත් කර ඇත.
එහිදී 2014 වසරේ අයිතම 4ක්, 2015 වසරේ 558ක්, 2016 වසරේ 660ක්, 2017 වසරේ 602ක්, 2018 වසරේ 1262ක්, 2019 වසරේ 313ක්, 2020 වසරේ අයිතම 7ක් මෙලෙස නිකුත් කර ඇත.
