Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ අතර හමුවක් පැවැත්වීමට නියමිතයි. ලබන 11 වන දා ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව සදහන්.

එහිදි උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. මෙහිදි පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබදව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.