ජපානයේ වසේඩා සරසවිය තුළ කථානායක අශෝක රන්වල නැමැත්තෙකු අධ්‍යාපනය ලබා නොමැති බවට දන්වා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ තලතා අතුකෝරල පවසනවා.
අදාළ විශ්ව විද්‍යාලයෙන් අසෝක රන්වලගේ උපාධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීමේ ඒකකයෙන් ඔවුන් විස්තර ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වූ බවයි ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.
පාර්ලිමේන්තුව පවිත්‍ර කිරීම සඳහා පැමිණි කණ්ඩායම විසින් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර ඇති බවද හිටපු මන්ත්‍රීවරිය සඳහන් කරනවා.
තමන් කිසිදු දවසක කතානායකවරයාගේ සුදුසුකම් පරීක්ෂා කර නොමැති බවත්, ගැටලුව වන්නේ මෙවැනි බොරුවක් සිදු කළේ ඇයිද යන්න බවයි තලතා අතුකෝරල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
