ජාතික ජනසභා නියමු ව්‍යාපෘතියේ ගම්පහ දිස්ත්‍රික් පළමු වැඩසටහන පසුගියදා ගණේමුල්ල හොරගොල්ල දකුණ ග්‍රාම සේවා වසමේදී ආරම්භ කෙරිණි.
මේ අවස්ථාවට ජනසභා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් පාලිත ලිහිණි කුමාර, ජනසභා ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ සමන්තා සේනානායක, ජාතික ජනසභා කාර්යාලයේ අධ්යක්ෂ (මෙහෙයුම්, පර්යේෂණ සහ සංවර්ධන) නීතිඥ අකලංක හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගම්වාසීහු එක්ව සිටියහ.
