විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව කොළඹ ජාතික රෝහලේ පසුගිය කාලයේදී සිදු වූ විගණන වාර්තාවක් මත විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත.
රසායනික ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී සහ කල්ලිකුත් වූ හා කල්ලිකුත් වීමට ආසන්න ප්‍රතික්‍රියක මිලදීගෙන ඇති බවට පසුගියදා විගණකාධිපති කාර්යාලය විගණන වාර්තාවක් නිකුත් කළ අතර වෛද්‍ය සැපයුම් මේකේ නිශ්චිත අනුමැතියෙන් තොරව ඉහල තනතුරු දරණ පුද්ගලයන්ගේ සහභාගිත්වය ඇතිව රුපියල් මිලියන 2500කට අධික රසායනික උපකරණ සහ ප්‍රතික්‍රියක මිලදීගෙන ඇති බවට මෙම පැමිණිල්ලේ සඳහන් වෙයි.
කොළඹ ජාතික රෝහලේ ආහාර මිලදී ගැනීමේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.
මේ සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුව තුළදී චාමර සම්පත් මහතාද කරුණු මතු කරන ලදී.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව එම ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරම්භ කරන පළමුව අපරාධ පරීක්ෂණය ලෙස මෙය එකතුවෙයි.
රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් රසායනා කර ශිල්පීන් හිටපු රෝහල් අධ්‍යක්ෂකවරුන් ඇතුළු රැසකට මෙහිදී චෝදනා එල්ල වී ඇත.
මූලික කරුණු විමර්ශනයෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය
