නිමල් රාජපක්ෂ-
මරදාන දුම්රිය ස්ථානයේ පැය දෙකහමාරක් තුළ කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට පැමිණි මගීන් 60 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාර්යාල සේවිකාවන් 25 කු කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ හොරට ගමන් කිරීමට පැමිණ සිටි බව මරදාන දුම්රිය ආරක්ෂක සේවයේ ස්ථානාධිපති ප්‍රදීප් ජයතිලක මහතා පවසයි.
අදාල කාන්තාවන් රජයේ කාර්යාල වල හා පුද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරිනියන් වන අතර කිසිදු බියක් නොමැතිව ප්‍රවේශපත්‍ර නොගෙන කාලයක් තිස්සේ දුම්රියේ ගමන් කර මනා පලපුරුද්දක් ඇති අය බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
ප්‍රවේශපත්‍ර පරීක්ෂාව ඊයේ (11) පස්වරු 4.00 සිට 6.30 දක්වා කාලය තුළ මරදාන දුම්රිය ස්ථානයේදි සිදුකර තිබිණි. එහිදි අත්අඩංගුවට ගත් මගීන් 60 දෙනාගෙන් 40 දෙනකෙුගෙන් මේ වනවිට රුපියල් 1 21 600/- දඩ මුදලක් අයකර ගත් බව ප්‍රදීප් ජයතිලක මහතා පවසයි.
ඉතිරි මගීන් මුදල් ගෙවීමට ඒ මොහොතේ නොමැති බැවින් ඇපකර තබා ගොස් ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර අධිකාරී එන්.පී ජයන්ත මහතාගේ අධීක්ෂණයෙන් , මරදාන දුම්රිය ආරක්ෂක සේවයේ ස්ථානාධිපති ප්‍රදිප් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන්, උප පරික්ෂක ගාමීණී පෙරේරා, සැරයන් වරුන්වන පතිරණ , චන්ද්‍රතිලක ,ප්‍රියන්ත , ආරක්ෂක නිලධාරීන් වන ප්‍රියදර්ශන ,අසංක ,ඒකනායක ,විරක්කොඩි ,බන්දුලසිරි ,ලක්මාල් පෙරේරා, කාන්තා ආරක්ෂක නිලධාරීනියන් වන දමයන්ති ,චතුරිකා,උදාරි ඇතුළු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.
