නිමල් රාජපක්ෂ-
ශ්රී ලංකා නාවික හමුදාව, පොලිසීය හා එක්වපසුගියදා ( 22)න පමුණුගම, කැපුම්ගොඩ හා වේල්ලවිදීය ප්රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්රෑම් දෙදහස් දෙසීය පනහක (2250) වැඩි තොගයක් සහ ඩිංගි යාත්රා හතරක් (04) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා කැලණි ආයතනය, පමුණුගම පොලීසිය හා එක්ව පමුණුගම ප්රදේශයේ, සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්රාවක් (01) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදි, එම ඩිංගි යාත්රාව තුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල, බීඩි කොළ කිලෝ ග්රෑම් හාරසිය අසුවක (480) පමණ තොගයක් සහ එම ඩිංගි යාත්රාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, කැලණි ආයතනය, පමුණුගම හා දුන්ගල්පිටිය පොලිස් ස්ථාන සමඟ එක්ව, කැපුම්ගොඩ හා වේල්ලවිදීය ප්රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්රා තුනක් (03) පරීක්ෂාවට ලක්කර, එම ඩිංගි යාත්රා තුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල, බීඩි කොළ කිලෝ ග්රෑම් එක්දහස් හත්සිය හැත්තෑ හයක (1776) පමණ තොගයක් සහ එම ඩිංගි යාත්රා තුන (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය, සහ ඩිංගි යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පමුණුගම හා දුන්ගල්පිටිය පොලීස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි
