ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය නිදහස් කරගැනීම සිහිපත් කෙරෙන විජයග්‍රහණයේ 16 වැනි සැමරුමට සමගාමීව සෑම නිවසකම හෙට (18) දිනයේ ජාතික ධජය ඔසවා රණවිරුවන්ට ගෞරව පුදකරන ලෙස දේශප්‍රේමි ජාතික පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් මෙම ඉල්ලීම සිදුකළේය.
වසර 30ක් පුරා මෙරට පැවති ශාපලත් එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කොට හෙටට වසර 16ක් සපිරේ.
මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීම සිහිකෙරෙන සහ රටට නිදහස දිනා දෙන්නට දිවිපිදු රණවිරුවන් ස්මරණය කෙරෙන ජාතික විජයග්‍රාහී සැමරුම ලබන 19 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිතය.
ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
