Spread the love


නිමල් රාජපක්ෂ-

මෝටර් රථ දෙපාර්තුමේන්තුව මගින් මෙතෙක් නිකුත් කර තිබු තාවකාලික අංක තහඩු යොදාගෙන ධාවනයට ලබා දි තිබු කාලය දෙසම්බර් මස 15 දාට අවලංගු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.
මෙතෙක් මෝටර් රථ දෙපාර්තුමේන්තුවට මුදල් ගෙවා තාවකාලික අංක තහඩු යොදාගෙන වාහන ධාවනය කරන්නේනම් වහාම අංක තහඩු ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. දෙසැම්බර් මස 15 පසු තාවකාලික අංක තහඩු යොදාගෙන වාහන ධාවනය කල හොත් පොලීසිය මගින් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද නිශාන්න අනුරුද්ධ වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.