Spread the love

.

වර්ජනය හේතුවෙන් ලිපි ඇතුළු තැපැල් භාණ්ඩ ලක්ෂ 10 ක් පමණ ගොඩ ගැසී ඇතැයි තැපැල් දෙපාර්තුමේන්තව පවසයි

ඒවා කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවද එම දෙපාර්තුමේන්තුව පවසයි.
තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර නිවාඩු අවලංගු කර තිබියදී තැපැල් සේවකයින් සැලසුම් කළ වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විෂය භාර අමාත්‍යවරයා හා ලේකම්වරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට නියමිතයි.
කෙසේ වෙතත් නුවර එළිය තැපැල් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර ඵලදායී අයෝජනයකට යොදා ගැනීමේ තීරණයේ වෙනසක් නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

තැපැල් සේවක වැඩ වර්ජනය ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අවසන් කර බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේය

නුවර එළිය හා මහනුවර තැපැල් කාර්යාල විකුණා දැමීමේ සැලසුමට විරෝධය පළ කරමින් එම පැය 48 සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීම සිදුවිය