Spread the love

කාර්යාලය හැටියට ඒ කියන්නේ ලංකාවේ අතිශයින්ම සක්‍රීයව ක්‍රියාත්මක වන තැපැල් හලක් හැටියට අපට මෙම තැපැල් කාර්යාලය හඳුන්වා දෙන්නට පුළුවන් ,

මේකෙ ඔරලෝසු කණුව කුත් තියෙනවා ඒක වයින් කරලා වැඩ කරන ඔරලෝසු කණුවක් ඒක තවමත් සක්‍රීයයි ,

සංචාරක මෙච්චර ප්‍රමාණයක් මේකට ඉන්නේ තැපැල් කාර්යාලයක් නිසාවෙන් හැරෙන්න හෝටලයක් නිසා නෙමෙයි ,

පසුගියදා තිබ්බ විශේෂ රැස්වීමක ජනාධිපතිවරයා තැපැල්පතිව නැගිට්ටෙව්වා බලහත්කාරයෙන් ඇහුවා මේක දෙන්න පුලුවන්ද බැරිද ඉන්න බැරිනම් තැපැල්පති ව වෙනස් කරනවා කියලා ,

ඒ මදිවට තැපෑලත් අයින් කරනවා කියලා කියනවා විධායක බලය භාවිතා කරලා ජනාධිපති වරයාට කොහොමද එහෙම ගරුසරු නැතිව රජයේ නිලධාරීන්ට කතා කරන්න පුළුවන් ,

මේ බලය දුන්නෙ කවුද ? ජනතාව බලය දුන්නද ? නෑ , අඩුගානේ පාර්ලිමේන්තුවට වත් ඡන්දෙන් යන්ඩ බැරි උන රනිල් වික්‍රමසිංහගේ ඒ පාට් දැමිල්ල අපි තරයේ හෙළා දකිනවා ,

ඒත් එක්කම කියනවා ගොල්ෆ් පිට්ටනි හදන්න නුවරඑළියෙ තියෙන ගොවිපලවල් ඕන කියලා එක ගොවිපලකින් අක්කර 350ක් ඉල්ලනවා නුවරඑළියේ තිබෙන ප්‍රධාන ගොවිපලවල් පහ ගත්තහම එක ගොවිපලකට තියෙන්නෙම අක්කර 200යි 250යි කවුරුවත් හරියට දන්නේ නැතුව මේ කතා කරන්නෙ රටේ ජනාධිපතිවරයා ,

රටේ තැපැල්පති එලවනවා කියන රනිල් වික්‍රමසිංහ කියනවා ,

ඒකට උත්තර වශයෙන් අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ පිං ජනාධිපති තැපැල්පතිව එලවන්න කලින් අපි රනිල් වික්‍රමසිංහ එලවනවා තව මාස නමයකින් ජනාධිපතිවරණය කැඳවන්න ඕන අනිවාර්යයෙන්ම

තව රනිල් වික්‍රමසිංහට තියෙන්නේ මාස කිහිපය මේ මාස කිහිපය තුළ උඩ පනින්න ලෑස්ති වෙන්න එපා කියලා තරයේ කියා’