නිමල් රාජපක්ෂ
තීරු බදුනොගෙවා මෙරටට ගෙන්වා තිබියදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් එක්කය මගින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගෙන තිබු සිගරැටි දහනම ලක්ෂ විසිදහසක තොගයක් ඊයේ(22) කෙරවලපිටිය ප්‍රතිශක්තී කරණ මධ්‍යස්ථානයේදී ගිනි තබා විනාස කරන ලදී .
මෙම කෝටි ගනණක් වටිනා සිගරැට් තොගය පසුගිය දෙසැම්බර් මාසයේදී සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබු ඒවා බව කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නීල් ඒකනාහක මහතා පවසයි.
මෙහි සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට දඩ ගැසු බවත් අදාල සිගරැට් තොගය විනාස කිරිමට කමිටුවක් මගින් තීරණය කල බව නිල් ඒකනායක මහතා පවසයි.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන් .ඒ.පේමරත්න මහතාගේ උපදෙස් මත ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සමත්ත කොස්තා , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පී.එන් .හේමන්ත යන මහත්වරුනගේ අධීක්ෂණය යටතේ , කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු නිලධාරින් සිගරැට් තොගය විනාස කරන ලදි.
