නිමල් රාජපක්ෂ–
–
පුරා වසර ගණනාවක් පැවති තුන්වන(තෙවන) පංතියේ වෙන්කල ආසන මේ මස 10 වැනිදා සිට දුරගමන් සේවා දුම්රිය 6 කින් ඉවත් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය වල හා පස්වරු 03.45 ට තලෛයිමන්නාරම බලා ධාවන වන දුම්රිය වල තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
එමෙන්ම එම දුම්රියන් නැවත කොළඹ බලා ධාවනය වන විට ද එම පහසුකම ඉවත් කිරීම නිසා දුම්රිය 6 ක එම පහසුකම ඉදිරියේ සිට ක්‍රියාත්මක නොවේ.
මේ දක්වා ආසන වෙන් කිරීමේ පහසුකම් තිබූ තෙවන පංතියේ මැදිරි සාමාන්‍ය තෙවන පංතියේ මැදිරි ලෙස ඉදිරියේ ධාවනය වනු ඇත.
මෙතෙක් තෙවන පංතියේ වෙන්කල ආසන යෙදු මැදිරි ධාවනයට එක් කිරීමට නිසා අඩු ආදායම් ලාභින් හට පහසුකම් සැලසි තිබුනද මේ ක්‍රමවේදය තුළින් දුප්පත් ජනතාවට විශාල පහරක් වදින බවත් එම ජනතාට දැඩි අපහසුතාවයටන්ට පත්වනු නොඅනුමානයි.
