දකුණු පළාතේ පාසල් වල ගුරු පුරප්පාඩු බොහොමයක් මේ වනවිට සම්පූර්ණ කර ඇතිබව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මේ වසර අවසන් වීමට පෙර ඉතිරි පුරප්පාඩු ද සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව විශේෂයෙන් මේවනවිට යම්තාක් දුරට අඩපණ වී තිබූ ග්‍රාමීය පාසල් වල අධ්‍යාපන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු වෙයි.
එකවර විශාල පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් පාසල් වල ගුරු පුරප්පාඩු විශාල ලෙස පාසල් වල සිදු විය.
