Spread the love

පාසල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙස පොලිස් මූලස්ථානය පවසයි.
දෙමවුපියන්ගේ දත්ත ලබාදීම හේතුවෙන් දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව ලැබිම ඊට හේතුවී තිබේ.
පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද පසුගියදා අදහස් දැක්වීය.

විද්‍යුත් තෑපෑල සැකසීමේදී එම දරුවන්ගේ නිවැරදි වයස ඇතුලත් කිරීම ඉතා වැදගත් වෙයි.

එසේ නිවැරදි වයස ඇතුලත් කිරීම හේතුවෙන් අන්තර්ජාල පද්ධතිය විසින්ම දරුවන්ගේ ක්‍රියාකාරකම් සොයාබැලීම් සහ වෙබ් අඩවි සඳහා ප්‍රවේශය පාලනය කිරීම් සිදු කරන බව පොලිසිය පවසයි.

ඉන් අන්තර්ජාලය හරහා දරුවන් නොමගට යාම පාලනය වන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

නාගොඩ -සුමන