නාගොඩ -සුමන
දරුවන්ගේ ආවේණික කුසලතා හඳුනා ගතහැකි පරිසරයක් මෙරට පෙරපාසල් පද්ධතිය තුළ ස්ථාපිත විය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පැවසීය.
මෙරට පෙරපාසල් පද්ධතිය තවමත් නිසි ප්‍රමිතියකට නොමැති බැවින් එය වර්තමානයේ විශාල ගැටලුවක් වී තිබේ.
ඇතැම් ගුරුවරුන් ඉගැන්වීම් සඳහා නිසි කුසලතා සම්පූර්ණ කර නොමැති බව වාර්තාවෙයි.
සියලු දරුවන්ට පොදු කුසලතාව ඇතිකිරීමට උස්සාහ කිරීම කිසිසේත් අනුමත කර නොහැකිය.
පෙරපාසල් අතර පවතින තරගය ඊට හේතුවී තිබේ.
විය යුක්තේ දරුවා තුළ ඇති කුසලතාව තවදුරටත් පෝෂණය කිරීමයි.නමුත් පෙරපාසල් තුළ සිදුවන වැරදි ක්‍රියාකාරකම් හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය එපා විය හැකි බව ද මහාචාර්ය වරයා පැවසුවේය.
